Tuesday, November 24, 2015

මිරිගුවක් වුණ ඈ


ඈත අහසේ දිදුළණ ඒ සද කුමරියට
මා ළගට එන්නටත්
මට ඇය ළගට යන්නටත් නොහැකි බව ඇත්තකි
ඒසද දෙවියන්ගෙලු ඒ සද කුමරිය
නමුදු මෙි පුංචි සමනල දෑස ඉදිරියේ
මෙතෙක්කල් ආදරයෙන් හුරතල් වුනු
සමනල රාජීණියේ
ඔබයි මගේ සද කුමරිය
තද වැහි කාලයක අදුරු මන්දාරමි අහස එලිය කරමින්
පෑයූ අවු රුල්ලක් මෙන්
ඔබගේ දෑසින් වැටෙන ඒ පුංචි ආලෝකයට පවා මම ආදරය කළෙමි
ඔබගේ ඒ සිනහව ලකතාවට පවා මම ඇලුමි කළෙමි
මම සැමදා පැතුවෙි ඔඛෙි සතුට පමණි
නමුත්
ලොව වටා සංචාරය කරන එක් නාවිකයෙකුට හමු වුණු
තවත්එක් නැවතුමිපලක් පමනක් විය
මගේ හදවත් උයනලනුඹ හට
ඔබට නැවතුමිපලක් වුණු මගේ හදවත් උයනෙන්
යන්නට සැරසෙන නුඹ දැක
කදුලු පිරුනු දෑසින් බලා සිටින්නට විය අපූමාන වූ දුකකින්
නුඹ හමුවු පළමු දවසේ නොසිතුවෙමි කිසි දිනක
ඔබ මිරිගුවක් වන බව
ඔබ මිරිගුවක් වුවත් කමි නැත
කෙදිනක හෝ මියයන්නේ ලුහුබැද ඒ
මිරිගුව

මගේ සමනල රාජිණිය


පුංචිම පුංචි කාළේ
අසා තිබුනා එක කතන්දරයක්
ලස්සන හද ගැන මම හිත සනසා ගත්තේ බලන් හිද
ඒ ලසස්සන හද දෙස

ඒ ලසස්සන හදට ආස කලත්
පියබන්නට නොහැකිය ඒ දෙස
මේ පුංචි සමනල ආත්මයට
දරාගන්න් බැරි තනිකමක් හිතේ සගවාගෙන
පියාසර කළ මේ පුංවි සමනල දෑසට දුටිමි
එක් අහිංසක නිරහන්කාර සමනල රාජිණියක්ව
ආදරය කියන්නේ කුමක්දැයි පවා
නොදැන සාගරය තරමට ඇයට පෙමි
කල කුඩා සමනල ආත්මය මම වෙමි

ජීවිතේ බර පුංචි පියාපත් මතට ගෙන
පියෑඹු මගේ රිදුන පියාපත් අතගා
සනසා පිරිමැද ආදරයේ ස්නේහ ගැල්වූ
මගේ සමනල රාජිණිය නුබම විය
ඔබවන් රැජිණියකට ආදරය කරන්නට
මම කුමක් හෝ විශාල පිනක් කර ඇතග

මේම ආත්මයේ මම කොතෙක් පින් කර ඇත්දැයි මම නොදනිමි
නමුත් මම තව තවත් පින් කරමි
ඒ මේ ආත්මයේ මෙන්ම කල්ප කලාන්තරයක් යන තුරු
ඔබ මගේම අගරාජිනියම වෙිවා යැයි පුාර්තනය සිත ඇතිවය
කල්ප කාලාන්තරයකට පසුව
මගේ හදවත් ඉපල් අතුමත පිපෙන ඔබ
නමි කුසුම මම දෝතට පොකුරු කර රකිමි
චමත්කාර නුවර අහස යට
මට හමුවු මගේ සමනල රාජනියනි
දවසක ඔබ මගේ පුංචි පියාපත් පිට
ගල්වා ලසස්න කළා සේම මේ ආත්මයද
විසිතුරු කළ මැනවි
මන්ද මේ හදවතේ ඉඩ සීමා කර ඇත්තේද
ඔඛෙි සෙනහසටලආදරයට
පමනක් වන බැවිනි

නුඹම නම්...


නුඹ රෑ අහස නම්,
මා ඉරබටු තරුව වෙන්නද?
නුඹ ගගක් නම් ,
මා ගං ඉවුර වෙන්නද?
නුඹ කැටපත් පවුරක් නම්,
මා කුරුටු ගීයක් වන්නද?
නුඹ මගේම නම්,
මා නුඹේම වන්නද?

Monday, November 16, 2015

මවුතුමියනි

දණ නමා බැතියෙන්
බිම හොවා නලළත
පා වදිමි අදරින්
මා හැදු මෑණියනි
දස මසක් කුස හොවා
පොවා ලේ කිරි කර
තෙරක් නැති දුක් විදි
නගන්නට අත් පොඩි
තබන්නට පා පොඩි
නියත විවරන දුනි
සැමවිටම මවුතුමි
සෙනහසින් ලය හොවා
කදුන බිදු පිස දමා
දෑස පාදා දුනි
ලොවම දැක්මට නිති

Sunday, November 15, 2015

මා අසරණවී

ඔඛෙන් අවසර ලදත් ..................
මබට පෙම් කිරීමට
මා නුසුදුසු බව මට වැටහේවි............
වෙන කිසි වෙකුටත් පෙම් නොකෙරු මා 
ඔබට ලං වු සැටි.............. මටත් පුදුමෙකි............
එහෙත් ඔඛෙ ආදරය තාව කාලිකයැයි 
මට තේරුනේ ...........බොහොම පූමාද වී
ඔබ මා හට දැක් වු  සෙනෙහස
ඔබ මා ලග නොසිටියත් 
මට දැනෙයි.............
නොසිතු සෙයින් ඔබ මා අමතක කෙරු සැටි
මා යලිත් අසරණවී
අද මාගේ සිත බිදී ගිහින්
ඔබ ආයෙත් එන්නේ නැතිද?
මා නෙත් මානයට.............

ආදරය

ඇයි දන්නේ නෑ මට මෙහෙම ලියන්න හිතුනේ? කමක් නෑ වැදගත් වෙයි කැමති අය කියවන්න...
හැම විටම හැමෝම ලග තියන ආදරය..
ආදරය..... එක එක විදිහට දාගෙන මෙි හැගීම කවදා හරි දවසක ඔයාටත් දැනිලා ඇතිගඑහෙම නැත්තම් කවදා හරි දවසක ඔයාටයත් දැනේවිග සමහරුන්ට සුන්දර වරදක් වන ආදරය තවත් සමහරුන්ට වෙනස්ම හැගීමකි. එහෙමත් නැත්තමි ජීවිතේ වෙනස් කරපු අකුරු ටික. මම වගේම ඔයත් කාටහරි ආදරය කරනවා ඇති. පුංචිම පුංචි කාලේ අපි ආදරේ අදුන ගත්තේ අමිමගෙන්.ඒ ආදරේ හරිම වෙනස්.
තවත් ආදරයකට සමාන කරන්න  බැරි ඒ ආදරය අපි හැමෝටම ලැඛෙනවා.වචනයක්වත් කතා කරන්න  බැරි කාලෙකගදපු තැන ඹහේ ඉන්න කාලෙක අඩාගන්නවත් බැරි අපි කෑගහල  අඩන්නේ අම්මා ලගට එනකන් විතරයි.ඒ උණුසුම දැනෙන මොහොතෙම නැලවෙන්න  තරම් අපි අම්මට ආදරෙයිග අතනින් මෙතනින් ඉවරවෙනවා කියලා කොටු කරලා සීමා කරන්න බැරි අපේ අමිමගේ ආදරේ තාමත් ඒ පපුවෙි උණුසුමෙන් තේරුම් ගන්න පුලුවන්. ඒ උණුසුමට තුරුලු වෙලා ගුළි වෙලා අපි නිදා ගත්තේ අර කියපු ආදරේ නිසාම වෙන්න ඇති.

ඊට පස්සේ යංතන් අකුරක් දෙකක් ගැට ගහන්න පුලුවන් උනාම කවුරු කවුරුත් ඉස්සල්ලම කියන්නේ අප්පච්චි  කියලා.ඒ  අපුරු වචනේ  කියවගන්න බැරි  තරම් අපි පුංච් උනත් අප්පච්චි කියන්නේ අර කියපු ආදරේ නිසාම වෙන්න ඇති. ඒ කාලේ අපේ ජීවිතේ වීරයා වන්නේ අපේ අප්පච්චි තමයි.
ඊට පස්සේ A/L කාලේ ආපුහාම Class ඇරිලා එනකොට හරි Classඑකේදි හරිඅපේ මනසේ රැදෙන අපිව අවුල් කරන  මෙි ආදරේ ඇස් දෙකෙන් රින්ගලා හදවෙතේ පැල වෙලා අපිව වෙනස් කරනවා හරි ඉක්මනින්.
මෙි ආදරේ අපි හැමෝටම ලැඛෙනවා මෙන්ම නොලැඛෙනවා ඒත් කෙනෙක්ට ආදරය කරලා එයා අපිව අමතක කරනකොට අපිට දරා ගන්න පුලුවන්ද? බැහැ නේද ? ඒ තමයි ආදරේ ඒ කෙනා ගැන අපේ හදවත තුල කිසිම හැගීමක් නැතිනම් අපිට දුකක් නොදැනේග ඒ වගේ හිතකට දුකක් දීලා යන්න එපා කවදාවත්ම. ඒ නිසාමයි මෙි ආදරේ අනෙක් හැම ආදරේටම වඩා වෙනස් වන්නේ. මෙි ආදරේ සොයාගන්න වැඩි පුරම පෙලඛෙන්නේ කොල්ලෙක් වුනාට කෙල්ලෙක් තුලත් මේ  හැගීම නැතිවා නොවෙි. තියෙන්නේ එලිපිට කියන්න බයයිග මෙි විදිහට ජීවිතේ හරහා ගලා යන ආදරේ ඉස්සරහට මීටත් වඩා නෙවනස් වෙයි.ඒ කියලා ඒ ආදරේ අතෑරලා දාලා වෙන  ආදරයක් සොයන්නහදන්න එපා.  අර මුලින් කියපු ආදරේ අමිමා අප්පච්චි විදිහට  ඒ ආදරේ කවදාම හරි අපටත් අපේ දරුවන්ගේන් ලැඛෙනවා. ඒ වෙනකල් ආදරෙන් ඉන්න.
හැම විටම
හැම තැනම
හැමෝම ලග
තියන හැමෝගෙම අයිතිය
ආදරය...........
අලුත් Post එකකින් හමිබවෙමු.

A/Lකයිය

O/Lයන්තමි ඉවරයි.ලොකු කන්දක් ඔලුවෙ තියන්ඉදල බිම තිබිබා වගේ දැනෙන්නේඇයි ඉතින් O/Lකාලේ අමිමා කටඇරිය ගමන් කියන්නේ ..අඩා පාඩමි කරපිය..විභහගෙ File වෙන්ටද ඔනේ,…….පාරට බැස්සහම හමිබවෙන හමිබවෙන එකා කියන්නේ ,….. පුතා විභහගෙ ලියනවනේද? පාඩමි එහෙම කරනවාද?, ඉස්කොලෙට ගියාම Pepers ගොඩ ගහනවා කරන්න කියලා.ඉතින් අපිත් දමාගෙන කරනවා…..කොහොම කොහොම හරි O/L ලිවිවා. ඔන්න ඉතින් ටික දවසකින් Resalt ආවා යන්තමි විභහගෙ ගොඩගිහින්ල විභහග ගොඩගිය එකට පොඩි සතටකත් හිතේ තිබිබා Resalt කියන්න ඉස්කොලෙට ගියාම මැඩමිලා සර්ලා කියන්නේ….“,ඔයාට තව උනන්දු උනා නමි ඔයිට වඩා හොද Resalt එකක් ගන්න තිබුනාකොහෙද ගානකට ගත්තය…… පිස්සු කෙල කෙල හිටියා. දැන් ඉතින් මොනවද කරන්න හිතාගෙන ඉන්නේග A/Lවලට…..මොනව කරත් දැන්මම පටන් ගන්න වෙයි’’,ඔන්න ඔක තමා කිව්වෙ හැම මැඩමි කෙනෙක්ම සර් කෙනෙක්ම.මොනව කරන්නද?O/L ඉවරවෙලා පෙරලපු විනොද පොත ආයෙත් A/L නිසා වහන්නන උනා.
හිතත් එක්ක නිදහස් වෙන්න කියලා Tv එක බලන්න දාගත්තා.Tv  එක දාපු ගමන්…………. ටියුෂන් ගුරුවරුන්ගේ Add පොලිමයි.ඉක්මනට වරෙල්ලා නැත්තං මෙ Syllabus  එක ඉවර කරන්න වෙන්නෙ නෑඇරබුනා පමණි…..මොනChanel එක මාරු කරත් දෝංකාර දෙන්නේ මෙ මගුලයි.මෙන මගුලක්ද?....මම එහෙම හිතුවට කොල්ලො කෙල්ලො Result එන්ටත් කලින් A/L Class වල බඩගානවා…..මොනවා කරන්නද?A/L කරපු අපේ අයියා කෙනෙක්ගෙන් අහලා මමත් ඇහිදගත්තු පොත් ටිකකුත් Bag එකට දාගෙන A/L රේස් එක ආරමිබ කරන්න හිතාගෙන මමත් ගියා ආරමිබක කණුව ලගටගහප්පාාාා පුදුම පෝලිමක්නේ හැතැමිම ගානක් තියනවා පෝලිම….මමත් ඉතින් Class එක ඇතුලට කොහොම හරි රිංගගත්තාඅපෙ අමිමෝ පුදුම ළමයි ගොඩක්නේමුංගේ ඔලු ටික විතරයි පේන්නේ..මමත් ඔය අයිනකින් ගිහින් ඉද ගත්තා.
සර පාඩම පටන් අරගෙන කියවනවා….මං අහන් ඉන්නවා….අවුලකට තියෙන්නේ මට මුකුත් තේරෙන්නේ නෑ ඒත් මං ඔහේ හිටියා..පරමානු ,ඉලෙක්ටෝන,ප්රවෙsගය,චලිතයTutes බලාගෙන ඉද්දි ගොඩ ගැහෙනවා හෝ ගාලා මට මඤ්ඤං වගේ..මට දැන් දත කට පූටිටු වෙලා මෙs කොහෙන් පටන් ගන්නද කියලා.මම පොත් ටක වහලාදාලා බයිසිකලේ පැදගෙන වැව පැත්තට ගියා..වැව ලග බයිසිකලේ නවත්තලා වැවි තාවුලට වෙලා වැව දිහා බලන් ඉදලා ආපහු ගෙදර ගියා දැන්නන් හිතට සැහැල්ලුයි…. හමි………………අපේ කොල්ලො කෙල්ලෝ ලක්ෂ ගානක් කාගෙන A/L ලිවිවට Campus එකට තේරෙන්නේ ලක්ෂයයිලුලඒකෙනුත් Campus එකට ඇතුල් කරගන්නේ උපරිම 25000 ලු එතකොට තේරිලත් යන්න බැරි වුනSet එක……දැන් තමයි මටත් තේරෙන්නේ මෙිකෙ අමාරුව…. උදේ පාන්දර ඉස්කෝලෙ යනවා.සෙනසුරාදයි ඉරිදයි පාන්දර ඉදන් tution වල බඩගානව..tution සර්ලා බොක්කටම වදින්න පොර ටෝක් දෙනකොට වෙලේ හිතාගන්නවා,අද ඉදන් මම වැඩ පටන් ගන්නවා,මම අද රෑ වෙනකන් පාඩම් කරනවා.,ඒත් ඉතින් ගෙදර කාමරෙa Enter උනාම හිතෙනවා,මහන්සියි ටිකක් නිදාගෙන ඉදලා වැඩ පටන් ගන්නවා,කියලා රෑ 9.30 එලාමි එක තියලා ඇදට ගියාම..හමිමෙs…… දැනෙන සනීපේ ටිකක් වෙලා ඇදේ ඉන්නකොට හිතෙනවා ආයේ රෑ ඇහැරෙන්න ඔිනේ නෑ හෙට උදේ ඇහැරලා පාඩමි කරනවා කියලා ආයෙ නැගිටලා ඇවිල්ලා උදේ 300 විතර එලාමි එක තියනවාගඋදේ පාන්දර එලාමි එක වදිනකොට phone එකත් අල්ලලා පොලොවෙ ගහන්න හිතෙනනවාලආයේ එලාමි එක Off කරලා බුදියගන්නවා.මෙහෙම බුදියගන්නේ class feesඅමිමගෙන් ඉල්ලලා ගන්න නිසානේඒත් තව අවුරුදු 10කට පස්සෙත් මෙහෙම බුදියගන් ඉදලා ඇහැරෙනකොට සල්ලි දෙන්න කවුරුහරි ඉදියිද?ඔවා මතක් වෙද්දි ඉඛෙsටම නැගිටිටෙනවා……නිදි කිර කිර පාඩමි කරනවා.



ජිවිතේ ගැන දිගක් පලලක් නොපෙන්නාට මටත් තියනවා හීනයක් කියලා එකක්ගඒත් හීනයට යන්න හදනකොට හතෙන දේවල්…….හමි………………….,එක දොරක් වැහුනට තව දොරවල් ඇරෙනවා, කියලා කතාවක් මම අහලා තියනවාගඒත් කතාව මට,අපිට ගැලනේනේ නෑග A/L කරන අපිට Campus   එකේ දොර වැහුනොත් තවත් දොරවල් වගේම අර හීනයටයන දොරත් වැහිලා යනවා..ඇයි කාටවත් බැරි කාගෙ නමින් හරි කමක් නැ තව Campus    2 3ක් හදන්නගඇයි අපේ බලාපොරොත්තු වලට ඉඩක් නැත්තේගදැන් අධ්යාපනයත් බලකොටුවක් වගේගමම මෙහෙම හිතුවට වැඩක්ය…….මෙිවා හිත හිත මම තාමත් වහලෙ උඩ.කරන්න දෙයක් නෑ මට..තම හිසට තම අතමය හෙවනැල්ල’’කියලා මමත් බැස්සා A/L  කරන්න,ඔන්න මමත් වැඩෙs බැස්සා…..මමත් යනවා මගේ හීනෙ හොයන්න…………………….තවත් Post එකකින්හමිබවෙමු එන්නංකෝ…………………………

Popular Posts

Followers