අතීතය …………??
අපි ගෙවා දමන සෑම තප්පරයක්ම
අයිත් වෙන්නේ අතීතයට. මට ආපහු අතීතයට යන්න පුලුවන්නම් ජීවිතයේ මට වැරදුන ගොඩක් තැන්
හදාගන්න තිබුනා. ඒත් කාලය තරනය කිරීම කල නොහැකි
දෙයකි. මාහට මට කල හැක්කේ වෙහෙස වී සුපැහැදිලි අනාගතයක් උදා කර ගැනීම පමණි. මගේ සිතට
දැනෙන ආකාරයට අතීතය යනු මතකයකි. අනාගතය යනු
සිහිනයකි. නමුත් වර්තමානය යනු සැබැවකි එම නිසා අද සැබෑව තුල ජීවත් වුවහොත් ඔබට මට අනාගතයේදී
සිහින සැබෑ කර ගන්නට පුලුවන් .ඒත් මෙs
ලිපිය ලියන මමත් බොහෝ අවස්තාවල ජීවත් වන්නේ අතීතයේ මතක අතරෙa තවත් වෙලාවක අනාගතය කියන සිහිනයේ
ජීවත් වුණු අවස්ථා බොහෝ තිඛෙs .බොහෝ වෙලාවට කරන්නේ තියන වැඩ අනාගතයට කල් දමා අතීතයේ
තිඛෙන සුන්දර මතකයන් සමග ජීවත් වීමයි. ඔබ පමනක් නොව මමත් ඒ අතීත මතකයන් සමග හුදෙකලා වන්නට ගොඩක් ඇලුම්
කරමි. එහෙත් එයින් සිදුවන්නේ අනාගත සිහිනය සැබෑ කරගැනීමට ඇති වටිනා කාලයත් අතීතයට එකතු
වීම පමණි.
![]() |
| අතීතය සහ අනාගතය |
කවදාවත් අතීතය වැලදගන්නත්
එපා ,ඒවගේම කවදාවත් අතීතය අමතක කරන්නත් එපා. මෙs කතාව ටිකක් අපැහැදිලියි නේද? දැන්
මෙහෙම හිතන්නකෝ …ඔයා ඔයාගෙම වාහනේක ගමනක් යනවා, තැන් කීපයක්ම පහුකරලා අතර මගදී මහන්සි හිත්ලා වාහනේ නවත්තලා සයිඩ්
කණ්නාඩියෙන් තමා ආපු ගමන් මාර්ගය දිහා බලන් ඉන්නවා ඔබ පහු කරපු දේවල් දැක්ක මිනිසුන්
දිහා ඔහේ බලන් ඉන්නවා,,, මෙs
වගේම තමා ගොඩක් අය තමන්ගේ ජීවිත ගමන නතර කරලා අතීතය දිහා බලන් ඉන්නවා මෙහෙම වුනොත්
ජීවිතය හැමදාම එක තැන නේද ඒත් අතීත මතකයන් හා අත්දැකීම් මගින් ඉගනගැනීමට හැකි දෑ බොහෝය.
සමහර වෙලාවට අතීතයේ
ඔබ විභහගය අසමත් වෙලා ඇති ,ප්‍රේමයෙන් පැරදිලා ඇති ,(මම වගේ L)
නැත්නම් ඔබගේ හොදම යාලුවෙකු ඔබ නොසිතු මොහොතක පාවා දීලා ඇති අතීතයේ වුණු එම සිදුවීම්
ගලක් වගේ ඔලුවෙs තියාගෙන
හිටියොත් ඔයාටත් වෙන්නේ හෙණ්ඩුව අත රැදි පුංචි මිනිසෙකුට පුංචි දරුවෙකු වගේ කීකරුවෙලා
ඉන්න දැවැන්ත අලියාට සිදුවන දෙයයි.
මතු
සමිබන්දයි >>>


0 comments:
Post a Comment